භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
|
|
|
|
වෙනත් ව්‍යාපෘති
පෑන් දේශීයකරණ ව්‍යාපෘතියට අමතරව භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය දේශීය භාෂා පරිගණකකරණය ප්‍රවලිත කරනුවස් තනිවම හෝ වෙනත් ආයතය සමඟ සම්බන්ධව වෙනත් ව්‍යාපෘති රැසකද නියැලෙයි.
- කථන තාක්ෂණ ඒකකය
- AMIS (ඇමිස්) දේශීයකරණය
- පරිගණකගත සිංහල අකාරාදී අනුපිලිවෙළ ඇල්ගොරිදමය
- පරිශීලක අතුරුමුහුණත් සඳහා සිංහල වදන්
- සිංහල/දෙමළ සඳහා ෆොන්ට් ආකේතන (encoding) පරිවර්තක
- වින්ඩෝස් මොබයිල් (Windows Mobile®) පාදිත උපාංග සඳහා ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
- පරිගණකගත සිංහල ඉගැන්වුම් මෘදුකාංගය
- UCSCSellinam - දෙමළ කෙටි පණිවුඩ (SMS) මෘදුකාංගය
- UCSC යුනිකෝඩ් ෆොන්ට
|
.....................................................................................................................................
|
කථන තාක්ෂණ ඒකකය අපගේ සියළුම කථන ආශ්‍රිත පර්යේෂණ මෙම ඒකකය යටතේ සිදුවන අතර එහි නිර්මාණය කෙරෙන මෘදුකාංග හා යාවත්කාලීනකිරීම් මෙම වෙබ් පිවුවෙන් ලබා ගත හැකිය.
AMIS (ඇමිස්) දේශීයකරණය  AMIS යනු නොමිලේ ලබා දෙන විවෘත මූලාශ්‍ර DAISY පොත් වාදන මෘදුකාංගයකි. මෙම කර්තව්‍යය භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය සහ DAISY (ඩේසි) ලංකා පදනම එක්ව කරන ලදී.
සිංහල/දෙමළ සඳහා ෆොන්ට් ආකේතන (encoding) පරිවර්තක හිමිකාර ෆොන්ටවලින් ආකේතිත පෙළ යුනිකෝඩ් පෙළට පරිවර්තනය හා ආපසු පරිවර්තනය කළ හැකි සබැඳි (online) මෙවලම.
UCSCSellinam - දෙමළ කෙටි පණිවුඩ (SMS) මෘදුකාංගය පිංතූර ලෙස බහු-මාධ්‍ය පණිවුඩ සේවාව (Multimedia Messaging Service - MMS) හරහා දෙමළ පණිවුඩ යවනවා වෙනුවට එය කෙටි පණිවුඩ සේවාව හරහා එය මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබට දැන් යැවිය හැකිය. මෙය Java MIDP 2.0 මෘදුකාංගයක් බැවින් මේ සඳහා ඔබට Java සහිත ජංගම දුරකතනයක් අවශ්‍ය වේ. එමෙන්ම ලබන්නාගේ දුරකතනයේද මෙම මෘදුකාංගය තිබිය යුතුය.
UCSC යුනිකෝඩ් ෆොන්ට මෙම පිටුවෙන් ඔබට එම ෆොන්ට බාගත හැකිය.
|
| © Language Technology Research Laboratory, 2007 |
Last updated on 06 July 2007 |